ප්රතිපත්තිය

ප්රතිපත්තිය

6- දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න;

40- සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි

42- ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම

81- ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු

100- , ‘ඔබ අපේ නායකයාණන්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “නායකයාණන් උත්තරීතර අල්ලාහ්ය” යැයි පැවසූහ. අපි: ‘අපට වඩා ශ්‍රේෂ්ටත්වයෙන් උතුම්ය. අපට වඩා උදාරත්වයෙන් ඉමහත්ය’ යැයි පැවසුවෙමු. එවිට එතුමා: “ඔබ ප්‍රකාශ කරන (සාමාන්‍ය) වදනින් හෝ ඔබේ ඇතැම් ප්‍රකාශවලින් පවසන්න. නමුත් ෂෙයිතාන් ඔබව වරදට නො පොළොඹවිය යුතුයි.”